mediahumanrights.lk
Local NewsNews

ඇමති අලි සබ්රිගේ ප්‍රකාශය උද්දච්චයි, ජන වරම හෑල්ලුවට ලක් කරනවා – ජාතික සංවිධාන වලින් චෝදනා

20 ට අදාල අධිකරණ  නියෝගය මගින් යම් වගන්ති සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු වුවහොත් එසේ කිරීමට පසුබට නොවන බව ඇඟවෙන ආකාරයේ ප්‍රකාශයක් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් සිදු කිරීම පිළිබඳව බොහෝ පාර්ශව කල කිරීමට පත්ව තිබෙන බව වාර්තාවේ. මේ ඒ පිළිබඳ ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස.

” ජනමත විචාරණයක් අවශ්‍යනම් එය පවත්වාහෝ තමාට අවශ්‍ය දේ කරනවා කියල අමාත්‍යවරයා කියනවානම් ඒ මගින් අදහස් වන්නේ අධිකරණය පෙන්වා දුන්නත් අඩියක් හෝ පස්සට ගැනීමට සූදානම් නැති බවද? ජන මතයට ගරු කොට සංශෝධන කිරීමට එකඟ බව ප්‍රකාශ කරනවානම් අධිකරණයට ගරු කොට ජනමත විචාරණයක් නොපවත්වා අවශ්‍ය සංශෝධන කළ නොහැක්කේ කුමක් නිසාද ? ඒ මඟින් පෙන්වන්නේ ජන මතයට හිස නමන්නේ නැති බවද? මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවක් ජන මත විචාරණයක් පවත්වා ව්‍යවස්ථා සංශෝධනය කොට නැත. මේ උද්දච්චකම නිසා ජන වරම හෑල්ලු වෙනවා. ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙනවා. එහෙම කරලා ජනමත විචාරණ දිනන්න පුලුවන් කියල හිතන්නේ ළදරු දේශපාලකයෝ”

lanka lead news

Related posts

හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනී

Shiran Viraj

චන්දිම වීරක්කොඩිට නොකියා කරපු දෙයක් හෙළිකරයි

Shiran Viraj

අසීරු අවස්ථාවල පක්ෂය හැරයාම සුදුසු නෑ

Shiran Viraj
Translate »