28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

ඉන්දිය අත්අඩංගුවේ සිටි ලාංකික ධිවරයින් 18 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකෙරේ

මුහුදු සීමා උල්ලංඝණය කිරිම නිසා ඉන්දීය වෙරලාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන මුදාහරින ලැබූ මෙරට බහුදින ධිවර යාත්‍රා තුනක ධිවරයින් 18 දෙනෙකු PCR පරීක්ෂණ වලට ලක් කිරීමට නියමිතව තිබෙනවා. එම ධිවරයින් පිරිස නාවික හමුදා අධික්ෂණය යටතේ නිරෝධායන කටයුතු සදහා ත්‍රිකුණාමලය ධිවර වරායට රැගෙන එනු ලැබුවා.

පසුගිය අගෝස්තු මස 19 වෙනිදා  මිරිස්ස ප්‍රදේශයෙන් මුහුදු ගිය බි.එස්.බ්‍රදර්ස්, අගෝස්තු 04 වෙනිදා බේරුවල ධිවර වරායෙන් මුහුදු ගිය විහග, අගොස්තු  මස 11 වෙනිදා බේරුවල ධිවර වරායෙන් මුහුදු ගිය ලක්මාලි යන ධිවර යාත්‍රාවල සිටි ධිවර කාර්මිකයන් 18 දෙනා මෙලෙස මුහුදු සීමා උල්ලංඝණය කිරිමේ චෝදනාවට රදවාගෙන ප්‍රශ්ණ කිරිමෙන් පසු මෙලෙස නිදහස් කරනු ලැබුවා.

එම යාත්‍රාවල සිටි ශ්‍රිලාංකික ධිවරයන් පවසන්නේ මුහුදුසීමා ආසන්නයේ ලංකා මුහුදේ රැදි සිටියදි ඉන්දිය වෙරලාරක්ෂක බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

රැගෙන ආ ධිවර පිරිස  ධිවර වරායේදි  ත්‍රිකුණාමල වසංගත රෝග විද්‍යා අංශයේ  වෛද්‍ය නිලධාරි වෛද්‍ය තංගවේලු නිලෝජන් පී.සී.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල ලබා ගැනිමෙන් පසු නිරෝධායනය සදහා නාවික හමුදාව මගින් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑම සිදු කලේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගතවූ අසීරු කාලයේ ඇමතිලා සැප වින්දෙ නෑ.. ජනතාව සමග දුක් වින්දා…

Shiran Viraj

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Shiran Viraj

පි. බී. අබේකොන් ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වෙයි

Shiran Viraj
Translate »