mediahumanrights.lk
Business Business News News

මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේ

හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC)කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

වසර තුනකට පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතනයේ වැඩ අවසන් කිරීම සඳහා වැය කළ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 13.8 කි.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ පෙති බිලියන 1.8 ක් ආනයනය කරන අතර මෙම ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානය මඟින් ඉදිරියේ දී එම දේශීය අවශ්‍යතාවයෙන් කොටසක් සපුරාලීමට නියමිතය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමඟාමීව දේශීය ඖෂධ නිෂ්පාදනය ඉහළ දැමීමේ හා දිරි ගැන්වීමේ අරමුණින් ආරම්භ කෙරෙන මෙම මධ්‍යස්ථානය ඔස්සේ ඉදිරියේ දී විදේශීය ඇණවුම් සඳහා ඖෂධ නිෂ්පාදනය ද සිදු වේ.

lanka lead news

Related posts

ඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න..

Shiran Viraj

GSPප්ලස් ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්

Shiran Viraj

‘කොරෝනා මල සිරුරුවලට ආගමික චාරිත‍්‍ර බෑ.. රටම මිනී වලට දාන්න බෑ..’ – ආදාහන-භූමදාන ප‍්‍රශ්ණයට මහින්ද අන්තිම තීන්දුව දෙයි..

Shiran Viraj