2026-01-22
mediahumanrights.lk
Local NewsNews

කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරේ

කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුරන්දර, ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දක්වා ඇත්තේ මෙම ව්‍යාපෘතිය අධික පිරිවැයක් දැරීමට සිදුවන ව්‍යාපෘතියක් බවයි.

කොළඹ නාගරික බලප‍්‍රදේශයේ ප‍්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට දරණ පිරිවැය සඳහා එය යෝග්‍ය නොවන බවයි එහි දැක්වෙන්නේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය අත්හිටුවා ඊට අදාළ ව්‍යාපෘති කාර්යාලය ද හැකි ඉක්මනින් වසා දමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබාදුන් බව අදාළ ලිපියේ සඳහන්.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය මෙන්ම මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට සුදුසු වෙනත් ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන ලෙසට ද ජනාධිපති ලේකම්වරයා ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට දන්වා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොලිස්පති-කොමිසම එලිපිට සටන් අරඹති.. පොලිස්පතිට කොමිසමෙන් දැඩි ප‍්‍රහාරයක්.. පිටු හයක නිවේදනයක්…

Shiran Viraj

ඇදිරි නීති කාලය තුල විදුලි බිල්පත සැකසෙන ආකාරය ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් පැහැදිලි කිරීමක්

Shiran Viraj

විරෝධතා ආවත් ජල ගාස්තු වැඩි කරන බව ඇමති හකීම් කියයි

Shiran Viraj
Translate »