25.3 C
Colombo
2026-10-13
mediahumanrights.lk
Local NewsNews

අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්

රටටම ඇති පොදු ප‍්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම පවතින මන්දගාමී කි‍්‍රයාකාරීත්වය කණගාටුවට කරුණක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ ඊයේ (17) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීයි.

දිස්ත‍්‍රික්ක මට්ටමින් නිවාස ඒකක 1500 ක් සහ 2024 වසර අවසානයට පෙර අඩු ආදායම් ලාභී පවුල් 70,100 කට නිවාස ලබාදීමට අපේක්ෂා කරන බවයි එම සාකච්ඡාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සඳහන් කළේ.

ඉදිකිරීම්, රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සහභාගීත්වයෙන් සිදු කෙරෙන අතර නිවාස මිලදී ගැනීමට දිගුකාලීන ණය පහසුකම් ලබාදීමට තීරණය කර ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සජිත් හාන්සියි.. SJB මන්ත‍්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි.. ඊයේ රාත‍්‍රි සාකච්චා සාර්ථකයි..

Shiran Viraj

සරසවි සිසුන් සිය ග්‍රහණයට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පුවරු හා දැන්වීම්වලට ගිනි තබයි – PHOTOS

Shiran Viraj

යුද හමුදා කාන්තා බළකා කඳවුරේදී මියගිය කෝප්‍රල්වරියගේ මරණය සැකයිලු

Shiran Viraj
Translate »