mediahumanrights.lk
Local News News

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෙන් ප්‍රකාශයක් ගනියි

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශ ලබාදී තිබෙනවා.

සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසමේ විමර්ශන ඒකකය වෙත කැඳවූ බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පැය 8 කට ආසන්න කාලයක් ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයෙන් පිටව ගොස් තිබුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සුපිරි ක‍්‍රීඩක චාමිකට අනතුරක්.. දත් හතරක් කැඩෙයි… ලේ හැලෙද්දී රෝහලට ගෙන යයි…

Shiran Viraj

නිමල් අගමැති කරන්න එජාපයෙනුත් මන්ත්‍රීලා – එජාපය කැබිනට් එක හදයි

Shiran Viraj

ආමි කමාන්ඩර්ස් ක‍්‍රිකට් තරගාවලිය කල් යයි

Shiran Viraj