mediahumanrights.lk
International News News

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (15) දිනයේ දී බීජිං නුවරින් නව කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ගත වු දින පහක කාලය තුළ බීජිං නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට බීජිං නුවර ප්‍රදේශ කිහිපයක සංචරණ කටයුතු සීමා කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සැකකරුවෙකුට වද හිංසා කළ පොලිස් නිලධාරීන් පිරිසකට බරපතල වැඩ සහිත සිර ඳඩුවම් නියම වෙයි

Shiran Viraj

විදෙස් ශ‍්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..

Shiran Viraj

බුදුන් වෙනුවෙන් ආත්මය පූජා කරන්න සිරුරට ගිනි තියාගන්න..- අවලෝකිතේශ්වර

Shiran Viraj