28.2 C
Colombo
2026-10-23
mediahumanrights.lk
International NewsNews

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (15) දිනයේ දී බීජිං නුවරින් නව කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ගත වු දින පහක කාලය තුළ බීජිං නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට බීජිං නුවර ප්‍රදේශ කිහිපයක සංචරණ කටයුතු සීමා කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අවුරුද්දට සීනි මිල ඉහළ යයිද ?

Shiran Viraj

එංගලන්තයට ලකුණු 150ක වාර්තාගත ජයක්

Shiran Viraj

හිටපු මන්ත්‍රීවරයෙක් දළදා මාලිගාවට ගහන්න බෝම්බ හැදුවා.. ඒ බෝම්බය පිපිරිලා ඔහුගේ අතේ ඇඟිලි හතරක් නැති උනා…

Shiran Viraj
Translate »