mediahumanrights.lk
International News News

මියන්මාරයේ ජේඩ් ආකරයක් නාය යයි – 113ක් මරුට

උතුරු මියන්මාරයේ ජේඩ් ආකරයක සිදුවූ නාය යෑමකින් 113 දෙනෙක් මියගොස් තිබේ.

බලධාරීන් පැවසුවේ මරණ තවත් ඉහළ යා හැකි බවය.

අද (02) උදෑසන එම අනතුර සිදුව ඇත්තේ ජේඩ් ආකර බහුල හකාන්ට් නම් පෙදෙසෙහි ය.  

මෙම කලාපයේ මෙවැනි සිදුවීම් බහුල වශයෙන් සිදු වේ. එසේම මෙම කටයුතු නිසියාකාරයෙන් බලධාරීන්ගේ අධීක්ෂණයට ලක් නොවේ.

මෙම ආකර වල සේවයේ යොදවා ඇත්තේ ඉතා දුප්පත් පුද්ගලයින් ය.

වර්තමාන මියන්මාර් රජය බලයට පැමිණියේ හකාන්ට් ප්‍රදේශයේ ඇති ආකර සඳහා නීති රාමුවක් හඳුන්වා දෙන බව පවසමිනි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

‘මාතෘභූමිය වෙනුවෙන් මගේ ඡන්දය නාමල්ටයි..’- සනත් නිශාන්ත බිරිද පොහොට්ටු වේදිකාවේ…

Shiran Viraj

ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..

Shiran Viraj

ප‍්‍රසිද්ධියේ සමාව ගන්න සූදානම් බව රන්ජන් කියයි… ඕස්ට්‍රේලියාවේ පදිංචියටත් සූදානමින්…

Shiran Viraj