2026-09-17
mediahumanrights.lk
NewsSportsSports News

ඌව ප්‍රිමියර් ලීග් තරගාවලිය කුමක් ද? SLC දූෂණ මර්දන ඒකකයටත් දැනුම්දෙයි

ඌව ප්‍රිමියර් ලීග් නැමැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවට ඇතැම් ඉන්දීය වෙබ් අඩවි විසින් ප්‍රචාරය කරමින් සිටින නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ඒ හා අනුබද්ධ ආයතනයක් එවැනි ක්‍රිකට් තරගාවලියක් පිළිබඳව කිසිඳු දැනුවත්භාවයක් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඌව ප්‍රිමියර් ලීග් නමැති ක්‍රිකට් තරගාවලියක් බදුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බවට සඳහන් කරමින් ඉන්දීය වෙබ් අඩවි කිහිපයක්  ඉකුත් ජුනි 29 වැනි දින ලකුණු පුවරුවක් පවා ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබූ නමුත්, ඒ ආකාරයේ තරගාවලියක් ශ්‍රී ලංකාවේ කිසිම ක්‍රීඩාංගණයක නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කළේ මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු සොයා බලන ලෙස තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයට දැනුම් දුන් බවය.

ඒ අනුව  එවැනි තරගාවලියක් ශ්‍රී ලංකාවේ නොපැවෙත්වෙන බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තරගාවලිය සම්බන්ධව ප්‍රචාරය ලබා දුන් ඉන්දීය වෙබ් අඩවි ඒ සඳහා කණ්ඩායම් හතරක් සහභාගි වන බවට දක්වා තිබූ අතර එම කණ්ඩායම් නම් කර තිබුණේ මොනරාගල හොනට්ස්, මහියංගණය යුනිලයන්ස්, වැල්ලවාය වයිපර්ස් සහ බදුල්ල සී ඊගල්ස් ලෙසිනි.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ මෙම තරගාවලිය පිළිබඳව තමන්ට කිසිදු වගකීමක් දැරිය නොහැකි බවත් තම ආයතනයේ නම අනවසරයෙන් යොදාගෙන කරන මෙවන් තරඟාවලි සඳහා නීති මගින් කටයුතු කරන බවත්ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ස්පා ඒකක් වටලයි – ආයුර්වේද බලපත‍්‍ර නැතිව සම්භාහනය කරලා

Shiran Viraj

නව පත් කිරීම ගැන හිටපු ක‍්‍රිකට් සභාපති සතුටින්

Shiran Viraj

මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයි

Shiran Viraj
Translate »