2026-08-04
mediahumanrights.lk
NewsPolitical

රනිල් පිලත් සජිත් පිලත් අතහැර රෝසි දේශපාලනයෙන් සමුගනී…

මහජන ඡන්දයෙන් තේරී පත් වූ තමන් කිසිදු ලෙසකින් කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවත් කල නොහැකි යැයි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයෙන් නීති රෙගුලාසිවලට කිසිදිනෙක පිටුපා නැති බවත් තමනට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නේ ඇයි පලවන වාර්තා අසත්‍ය බවත් ඇය පැවසුවාය.

අද වන විට එක්සත් ජාතික පක්ෂය අයිති කරගෙන සිටින බොහෝ පිරිසකට වඩා තමන් පක්ෂයට කැපවී සේවය කළ බව ද ඇය පවසයි.

නමුත් ඉදිරි මහ මැතිවරණයේ තමන් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට සහයෝගය නොදක්වන බව ද පැවසූ ඇය ඔවුන් තමන්ගේ දේශපාලන සහෝදරයන් නිසා ඔවුන්ට විරුද්ධව දේශපාලනය කිරීමට තමන්ට නොහැකි බවද කියා සිටියාය.

සමගි ජන බලවේගයෙන් ඉදිරි මැතිවරණයට තම පුත්‍රයා ඉදිරිපත් වුවත් ඔහුට ද තමන් සහයෝගයෙන් නොදෙන බවද ඇය පවසයි.

තමන් නගරාධිපති ධුරය එක්වරක් දැරීමට පමණක් දේශපාලනයේ නිරත වන්නේ යැයි ද පැවසූ ඇය ඉන්පසු තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවද කියා සිටියාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගම්වාසීන් නිවසකට ගිනි තබයි

Shiran Viraj

පුංචි ලෝකාන්තය නැරැඹීමට ගොස් අතුරුදහන්වූ තරුණයාගේ සිරුර අඩි 200ක් පහළ ප්‍රපාතයෙන් සොයා ගැනේ (PHOTO)

Shiran Viraj

ශ්‍රී ලංකා සිම්බාබ්වේ සිව්වන සටන ඇරඹේ – අසිත ප්‍රනාන්දු එක් දින වරම් ලබයි

Shiran Viraj
Translate »