2026-02-15
mediahumanrights.lk
Local NewsNews

චම්පික නෝ හෙල්ලුම්.. බොරු සාක්‍ෂි හැදූ බව හෙලිවෙයි.. බොරැල්ල OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග..

2016 වසරේදී වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී තිබේ.

හිටපු ඇමති චම්පික රණවක මහතා සම්බන්ධ බවට චෝදනා එල්ල වන 2016 වසරේ දී සිදු වූ රාජගිරියේ දී සිදු වූ ප්‍රසිද්ධ රිය අනතුර වසන් කිරීම සඳහා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළේ යැයි චෝදනා එල්ල කරමින් අදාළ ස්ථානාධිපති අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අදාල ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු සූදානම් කරමින් ඇත.

එම රිය අනතුරේදී තමන් රිය පැදවූවා යයි පිළිගෙන පොලිසියට බාර වූ රියදුරා විසින් මේ වන විට පාපොච්චාරණයක් සිදු කරමින් දිවුරුම් ප්‍රකාශ මගින් සඳහන් කර ඇත්තේ තමන් එදින රිය නොපැදවූ බවත් තමනට එය බාර ගන්නා ලෙස චම්පික රණවක හිටපු අමාත්‍යවරයා විසින් දැනුම් දුන් බවත් ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

උත්සව සමයේ සහල් මිල ඉහළ යන ලකුණු

Shiran Viraj

ෆොන්සේකා අත් නොහරින ඇමති සටන

Shiran Viraj

කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..

Shiran Viraj
Translate »