2026-01-17
mediahumanrights.lk
International NewsNews

වසර 7 ක් හොංකොං පාලනය කළ ඩොනල්ඩ් සන්ග් හිරගෙට

2005 සිට 2012 දක්වා, හොංකොං රාජ්‍යයේ නායක ( ප්‍රධාන විධායක) ලෙස කටයුතු කළ ඩොනල්ඩ් සන්ග් (72)
අසාමාන්‍ය වත්කම් ඉපැයීමේ චෝදනා මත වරද කරුවී මාස 20 ක සිර දඩුවමකට අද යටත් විය.
අග්නිදිග ආසියාවේ ප්‍රබල වෙළෙඳ නගරයක් ලෙස හොංකොං නගා සිටිවීමට අවුරුදු 40 ක දේශපාලන ජීවිතය තුළ මහත්සේ කැපවීමක් කළ නායකයෙකු බව කියන සෙන්ග් මහතා සිර ගත කිරීමේ නිවේදනය කියවූ විනිසුරු ඇන්ඩෲ චෑන් කියා සිටියේ “මම මගේ අධිකරණ වෘත්තීය ජීවිතය තුළ මෙතරම් උසකින් මිනිසෙකු වැටීමට ලක් කර නැත” යනුවෙනි.
ඔහුට එල්ලවූ විෂමාචාරය සඳහා උපරිම දඩුවම අවුරුදු හතක් වුවද විනිසුරු මාස 20 කට පමණක් නියම කළේය. හොඳ චරිතය හා යහපත් කල් ක්‍රියාව මත එය මාස ​​10 ක් දක්වා අවම කරගත හැකි වනු ඇතැයි පැවසේ.
හොංකොං දේශය පාලනය වන්නේ ව්‍යාපාරයක් පාලනය කරන අධ්‍යක්ෂ මණ්ඩලයක ආකාරයටය. එහි ප්‍රධාන විධායක ලෙස සිටියේ සන්ග් මහතාය. ඔහුගේ පාලන කාලය තුළ අයථා ලෙස මහල් නිවාසයක් මිලට ගැනීමට හා රූපවාහිනී නාලිකා බලපත්‍රයක් අතයට ගනුදෙනුවක් සේ ලබාදීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා ගොනු විය. ඔහු හොංකොං ඩොලර් මිලියන 3.35 ක අල්ලසක් ලබාගත් බවට ගොනුවූ නඩුවේදීද වරද පිළිගන්නට සිදුවිය.
ඔහු මහජන විශ්වාසය කඩකිරීම සහ හොංකොං නායකයන් සහ ධනවත් කුවේරයන් අතර පැවති සම්බන්ධය පළුදු කළ බවට චෝදනා මත ඔහුට මෙම දඩුවම පැනවිණි.

Related posts

“පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම්

Shiran Viraj

රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

Shiran Viraj

මාස 10යි – පොරොන්දු 1,329න් එකක්වත් ඉටු වී නැහැ! ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්

Shiran Viraj
Translate »