mediahumanrights.lk
Local News News

Corona : නිකවැරටිය වසා දමයි..

ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් වන නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අදාළ කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ.

සැමියාගෙන් ඇයට වෛරසය ආසාදන වන්නට ඇතැයි සැක කලද එම නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් තහවුරු වී නැත.

නිවාඩුවට පැමිණි මෙම සෙබලා සමග කාන්තාවද ප්‍රදේශයේ නිවාස ගණනාවකට සහ පොදු ස්ථාන රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙසේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ජපානයට…

Shiran Viraj

රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු කියන තරමට ජවිපෙ වෙනස් වෙලා

Shiran Viraj

සනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…

Shiran Viraj