26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන ඉහළට

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු නොවු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව 192 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පවසන අයුරින් එය අද උදෑසන වන විට මෙලෙස වර්ධනය වී ඇත.

අද(20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 295 ක් වු බව ඒ මහතා සඳහන් කරයි.

අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත
(under the courtesy of adaderana.lk news web)

Related posts

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් නියෝගයක්…

Shiran Viraj

2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..

Shiran Viraj

‘දිත්වා’ චක්‍රවාතය මූල්‍ය ඒකාබද්ධයට බාධාවක්: Moody’s Ratings

Shiran Viraj
Translate »