2026-08-14
mediahumanrights.lk
Local NewsNews

පාස්කු බෝම්බ ප‍්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ රිෂාද් බදුර්දීන් රහස් පොලිසිය වෙත කැඳවා ඇත.

අද දිනයේ තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව ඔහු සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද බෝම්බකරුවෙකු සමගින් සමීප සම්බන්ධතා පැවැත්වූයේ යැයි ඔහුගේ සහෝදරයෙකු මේ වන විටත් රහස් පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

තමන්ගේ සහෝදරයා කිසිදු වරදක් කර නැති බවත් ඔහු පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධතාවයක් නැති බවත් මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බදුර්දීන් හිටපු ඇමති සඳහන් කළේය.

එම බෝම්බ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව පසුගිය රජය පැවති සමයේ පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ද ඔප්පු වූ බව ඔහු සඳහන් කරයි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු ඇමතිවරයා ද මේ සම්බන්ධයෙන් නුදුරේදිම අත්අඩංගුවට ගනු ඇති බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

"විවාහ වුනත් දරුවන් හදන්න කැමති නෑ" – ජෝන් සීනාගේ විවාහ යෝජනාවෙන් පස්සේ පෙම්වතිය මාධ්‍යයට කියපු දේ

Shiran Viraj

කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Shiran Viraj

වැලිකඩ බන්ධනාගාරය ඉවතට.. හොරණ මිල්ලෑවට..

Shiran Viraj
Translate »