mediahumanrights.lk
NewsPolitical

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

ඇඳිරි නීති සමය තුළ එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සදහා අවශ්‍ය අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත ලබාදීම සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා එම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත.

එසේම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී සිදුවන අපහසුතා සහ අවහිරතා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානය යොමුකර තිබේ.

කෙසේවුව ද ඇඳිරි නීති සමය තුළ ඇදිරි නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත්තේ.

මාරාන්තික කොරෝනා වෛරසය මැඩලීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වන ලෙස අග්‍රාමාත්‍යවරයා මහජනතාවගෙන් ද ඉල්ලීමක් කර තිබේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක්..- හමුදාපති

Shiran Viraj

නැගෙනහිර සියළු පාසැල් වසා දමයි.. ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවට අවතැන් කදවුරු ලෙස සූදානම්..

Shiran Viraj

ගබ්සාව නිතිගත කිරීමට එකග නැහැ – අගරදගුරු

Shiran Viraj
Translate »