mediahumanrights.lk
International NewsNews

Corona : ඇමරිකාච දිනකට රෝගීන් 10000 පන්නයි… ඕස්ට්‍රේලියාව එංගලන්තය දිනකට 1000 කට ලගයි.. ලෝකෙටම රතු එළියක්..

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයන් 10168 ක් ඇමරිකාවෙන් හමු වී ඇත ඒ අනුව මේ දක්වා ඇමරිකාවේ රෝගීන් 43734 ක් වාර්තා කොට ඇත.

මේ වන විට ඉතා දරුණු අන්දමින් පැතිරී යන කොරෝනා වෛරසය ඇමරිකාව. ස්පාඤ්ඤය ඉතාලිය ප්‍රංශය එංගලන්තය ඇතුළු යුරෝපය ගිල ගනිමින් පවතී .

චීනයේ මෙම තත්වය පාලනය කොට ඇති අතර ඊයේ දිනේදී චීනයෙන් වාර්තා වූයේ රෝගීන් 78 දෙනෙක් පමණි.

එහෙත් ඇමරිකාව දිනයක් තුළ ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූ දිනය බවට ඊයෙ පත්වී ඇත.

දෙවනුව ස්පාඤ්ඤය 6367 ක් ද ජර්මනිය 4183 ද ප්‍රංශය 3838 ක්ද ස්විස්සර්ලන්තය 1321 ක්ද එංගලන්තය 967 ක්ද ඕස්ට්‍රේලියාව 278 ක්ද නෙදර්ලන්තය 545 ක් ඇතුළු යුරෝපා රටවල් පිළිවෙලින් විශාල රෝගීන් ගණනක් වාර්තා කොට ඇත .

අලුතින් සීඝ්‍රයෙන් වැඩි වේගෙන යන්නේ කැනඩාව දිනක් තුල 621 ක ද ඔස්ට්‍රියාව 892 ද වාර්තා කොට ඇත.

ඉතාලියේ ඊයෙ මරණ සංඛ්‍යාව 601 ක් වාර්තා කොට ඇති අතර ස්පාඤ්ඤ 539 ක් ද ප්‍රංශ 186ක් ද ඇමරිකාව 140 ක් ඇතුළු දිනක් තුල ලෝකයේ මරණ සංඛ්‍යාව 1869 ක් වූ වැඩිම ගණන වාර්තා කොට ඇත .

මේ වන විට සමස්ත එංගලන්තයම සති තුනකට ජනතාව නිවාස තුළම රඳවා ඇත.

ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව ලෝකයේ 379000 ක් ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව දාසය දහස් පන්සිය ඉක්මවා ඇත.

මේවට ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව අන වී ඇත 97 දක්වා වැඩිවි ඇත. මේ වන තුරු කිසිම මරණයක් ශ්‍රී ලංකාවේ වාර්තා කර නොමැත .

මෙම තත්වය පාලනය කිරීමට විශේෂයෙන් ම ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ආරක්ෂ අංශ එකතුව මහත් උත්සාහයක් ගනිමින් පවතීන අතර ජනතාවගේ සහයෝගය මෙය පාලනය කිරීමට රජය බලාපොරොත්තුවෙි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පුරාවස්තු සොයා ගිය 4 ක් අත්අඩංගුවට

Shiran Viraj

ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් බංග්ලාදේශයේදී දූෂණය කළ නරුමයා අල්ලයි

Shiran Viraj

ලංවිම 2021 වසරට විදුලිය මිළදී ගැනීමට සැරසේ!

Shiran Viraj
Translate »