2026-01-14
mediahumanrights.lk
International NewsNews

කොරෝනා බියෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවත් වැසෙන ලකුණු

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභිකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ, කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය බි‍්‍රතාන්‍ය තුළද සීග‍්‍රයෙන් පැතිරයාමේ අවධානමක් මතුව ඇති පසුබිමක් තුළයි. ඒ අනුව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තාවකාලිකව වසා දමා නියමිත සභාවාර සහ විවාද ස්කයිප් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටයි මේවනවිට අවධානය යොමුව ඇත්තේ.

නව කොරෝනා වෛරසය වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ආසාදනයවීමේ වැඩි ප‍්‍රවණතාවක් මේවනවිට පවතිනවා. එබැවින් පාර්ලිමේන්තුවේ සිටින වයස අවුරුදු 60 ට වැඩි සභිකයින් සිය පදිංචි ස්ථානවල සිට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව දක්වා පැමිණීමේදී ඔවුන් වෛරසයට ගොදුරුවීමේ අවදානමක් පවතින බවයි බි‍්‍රතාන්‍ය බලධාරීන් පවසන්නේ.

ඒ ඔස්සේ පාර්ලිමේන්තුවේ සිටින අනෙකුත් සභිකයින්ට ද වෛරසය ආසාදනය වීමේ අවදානමක් පවතින බැවින් එය වළක්වා ගැනීම සම්බන්ධයෙන් බලධාරීන් ප‍්‍රමුඛ අවධානයක් යොමුකර ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන්.

රට තුළ සීග‍්‍රයෙන් පැතිරයමින් ඇති නව කොරෝනා වෛසරය හේතුවෙන් ඉරාන පාර්ලිමේන්තුවත් මේවනවිට වසා දමා තිබෙනවා. එරට පාර්ලිමේන්තු සභිකයින් කිහිපදෙනෙකුම මේවනවිටත් සිටින්නේ කොරෝනා ආසාදිත ලැයිස්තුවේයි.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

අපි රට ගොඩගන්න තව වැඩපිලිවෙලක් හැදුවා.. අවුරුදු පහෙන් ගොඩගන්නවා..

Shiran Viraj

එළුවන් බලාගත් සීයා පාරේ වැටී තිබූ රුපියල් 95,000 පොලීසියට භාරදෙයි…

Shiran Viraj

වැලන්ටයින් ලස්සන උනාට බරපතල වරදක් (ඡායා)

Shiran Viraj
Translate »