mediahumanrights.lk
Local News News

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා

ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට මෑතකදී පත් කරනු ලැබූ ජෝෂුවා බස්ටොස් (Joshua Bustos) නැමැත්තා 2016 දක්වා ඇෆ්ගනිස්ථාන සාෆි ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (Chief Executive Officer – CEO) ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අසාමාන්‍ය දක්ෂතාවය මත එය 2016 වසරේදී අධික ලෙස ණය වීම හේතුවෙන් එරට රජය විසින් වසා දමා ඇත.

තවද ඉන් අනතුරුව මෙහොමඩ් ඔමාර් ලෙස නම වෙනස් කර ගනිමින් ඔහු ඉස්ලාම් ආගම වැළඳගෙන ඇත්තේ ඇෆ්ගන් ජාතික කාන්තාවක් සමගද විවාහ වෙමිනි.

මෙම පුද්ගලයා සභාපතීත්වය දරන බස්ටොස් සමාගම් ජාලයට එවකදී ඇමරිකානු ඩොලර් මිලියන 11ක සන්නිවේදින උපාංග හා සම්බන්ධ කොන්ත්‍රාත්තුවක් ලබාදීම හේතුවෙන් චෝදනා ලබා ඇත.

ඔහු තමාගේ සමාගම ඇමෙරිකාවේ ලියාපදිංචිකොට ඇත්තේ කොන්ත්‍රාත්තුව ලැබී දිනකට පසුවීම විහිලු සහගතය. ඒ හා සම්බන්ධ අනාවරණය කිරීම් රැසක් ජාත්‍යන්තර මාධ්‍ය මගින් සිදුකොට ඇත.

එවන් තත්වයකදී ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ජෝෂුවා බස්ටොස්ව පසුගිය අප්‍රේල් 23 දා සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට පත්කොට ඇත්තේ අබමල් රේණුවක හෝ මොළය පාවිච්චි කරමින්ද යන්න සේවකයෝ ප්‍රශ්න කරති.

ශ්‍රීලංකන් ගුවන්සේවය වලපල්ලට යාම කෙසේවෙතත් අවම වශයෙන් ශ්‍රීලංකාවේ පවතින වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව හෝ සැලකිල්ලට ගෙන මෙම චෝදනා ලැබූ පුද්ගලයාගේ පත්වීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රීලංකන් සේවකයින් ඉල්ලයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

Shiran Viraj

Covid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයි

Shiran Viraj

බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි..

Shiran Viraj