mediahumanrights.lk
Local NewsNews

පේසාලෙන් හමුවූ මැලේරියා මදුරුවා පාලනය කෙරේ

මන්නාරම – පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මැලේරියා රෝගය බෝකරන ඇනෝපිලික්ස් ස්ටීවන්සයි නැමැති නව මදුරු විශේෂය ව්‍යාප්තවීම පාලනය කර ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා.
එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මන්නාරම දූපතෙන් පිටතට මැලේරියා මදුරුවා ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගත හැකි සියලූම ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බවයි.
පසුගිය ජනවාරි මාසයේදී පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මෙම මදුරු විශේෂය ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බවට පසුව අනාවරණය වුණා.
කෙසේ වෙතත් මෙම විශේෂයට අයත් මදුරු කීටයන් පසුගියදා කොළඹට රැගෙනවිත් විශේෂ පරීක්ෂාවකටද ලක්කර තිබෙනවා.
මෙම නව මදුරු විශේෂය පාලනය කිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය සදහා මන්නාරම ප්‍රදේශයේ තාවකාලික පරීක්ෂණාගාරයක්ද ඉදිකර තිබුණා.

Related posts

බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…

Shiran Viraj

නාමල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි!

Shiran Viraj

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

Shiran Viraj
Translate »