mediahumanrights.lk
NewsPolitical

වැඩබලන පොලිස්පති පත්වෙයි – තවත් පත්කිරීම් කිහිපයක්

නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. 

එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

අතිරේක විගණකාධිපති චූලන්ත වික‍්‍රමරත්න නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.

එකී පත්වීම්වලට අමතරව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද පත් කර තිබෙනවා.

අදාළ සියලු පත්වීම්ලාභීන් අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ඊට අදාල පත්වීම් ලිපි ලබා ගත්තා. 

කෙසේවෙතත් පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ධුරයෙන් ඉවත් වූ බවට මේ දක්වා කිසිදු නිල දැනුම්දීමක් සිදු කර නැහැ.


(under the courtesy of nethnews.lk news web)

Related posts

පුත්තලමෙන් හමු වු කොරෝනා ආසාදිතයින් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වු පිරිසක්

Shiran Viraj

පක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්

Shiran Viraj

කොරෝනා සැගවූ පුද්ගලයෙක් පැමිණේ.. මහරගම පිලිකා රෝහලේ 14ක් නිරෝධායනයේ..

Shiran Viraj
Translate »