mediahumanrights.lk
NewsPolitical

බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි

සිර දඬුවමින් නිදහස් වී පැමිණි පසු මෙරට භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා බුද්ධාගමේ චිර ජීවනය වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන්නැයි අමාත්‍ය රවී කරුණානායක සිරදඬුවම් විදින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ ඤානසාර හිමියන්ගේ සුවදුක් බැලීම සඳහා ඊයේ දිනයෙහි වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.

මෙම අවස්ථාව සඳහා ඇමති මනෝ ගනේෂන් හා බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් ද එක් වූහ.

ඥානසාර හිමියන් රෝගාතුර තත්ත්වයෙන් මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙම මැති ඇමති පිරිස උන්වහන්සේ මුණ ගැසුණේ එහිදීය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

දිඹුලාගල හිග විදුලි බිල දොලොස් ලක්‍ෂය පනී.. නොගෙවුවොත් කපන බව දන්වයි…

Shiran Viraj

මං ජනාධිපති වුණාම ඇමතිවරු පාන්දරම කූද්දනවා වැඩට යවනවා

Shiran Viraj

කීත් නොයාර්ට පහරදීම – බුද්ධි අංශ නිලධාරීන්ට ඇප

Shiran Viraj
Translate »