2026-01-16
mediahumanrights.lk
NewsPolitical

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුලූ හත් දෙනෙකුට එරෙහි නඩුවක් මැයි 13 වනදා විභාගයට ගැනීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා. ඒ, මෙම නඩුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැදවු අවස්ථාවේදීයි.  

මහජනයාට හිරිහැර වන පරිදි සහ රථ වාහන ධාවනයට බාධා ඇති වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධානය කළැයි කියන චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබෙනවා. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයා දිවයිනට පැමිණීමට එරෙහිවයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මාලදිවයිනෙන් මෙතෙක් වැඩිම ආපදා ආධාර ශ්‍රී ලංකාවට

Shiran Viraj

ඉන්දීය රුපියල් ලංකාවේ භාවිතයට සූදානම්..- විදේශ ඇමති ඉන්දියාවට කියයි…

Shiran Viraj

ක්‍රිකට් සංදර්ශනයක් මවමින් තිසර පකිස්තානයට එලවා පහරදුන් හැටි මෙන්න

Shiran Viraj
Translate »