28.9 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

අන්තර්ජාලයෙන් මුදල් වංචා කර රට වටේ ගේම් දුන් ගාල්ලේ තරුණයෙකු පොලීසියට කොටුවෙයි

අන්තර් ජාලය ඔස්සේ පළ වන දුරකථන අලෙවි වෙළෙඳ දැන්වීම් වලට අනුව , ඒවා මිලදී ගැනීමට පැමිණ , ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචා කළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මගින් 2/23 දින රාත්‍රී කටුනායක ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු ජනිත් කශාන් නැමැති 21 හැවිරිදි තරුණයෙකු වන අතර , ඔහු මුලින් ගාල්ල , හික්කඩුව ප්‍රදේශයේත් , පසුව කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේත් පදිංචිව සිට්මින් එම ප්‍රදේශ වලදී විවාහයන් දෙකක් ද සිදු කර ගත් අයෙකු බව  පොලීසිය සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන  තිබේ .

මොහු මුලින්ම අන්තර් ජාලය ඔස්සේ පළ වන දුරකථන අලෙවිය පිළිබඳව ඇති දැන්වීම් වල ඇති හිමිකරුවන්ට කථා කර , පසුව ඔවුන් වෙත පැමිණ අදාළ දුරකථන පරීක්ෂා කර, එම අයිතිකරුවන් සමග මිල ගනන් වලට එකග වේ. ඉන්පසු ඔහු එම දුරකථනය අයිතිකරුගේ බැංකු ගිණුම් අංකය ලබා ගෙන , ඔහු  තම ජංගම දුරකථනය ඔස්සේ ඔහුගේ බැංකු ගිණුමෙන් අදාළ මුදල මෙම දුරකථන හිමිකරුගේ ගිණුමට මාරු වූ බවට බැංකුවෙන් නිකුත් කළ බව හැගවෙන ව්‍යාජ බැංකු නිවේදනයක් පෙන්වා , එම දුරකථනය රැගෙන පළා යයි .

පසුව එම දුරකථන හිමිකරුවන් තම බැංකුවෙන් මෙම ගණුදෙනුව පිළිබඳව විමසීම් සිදු කිරීමේ දී , එවැනි මුදල් හුවමාරුවක් සිදු වී නොමැති බව වාර්තා වීමෙන් පසු , ඒ පිළිබඳව මෙම තරුණයාට දැන් වූ විට , අන්තර් ජාලයේ පමා වීමක් මත මෙය සිදු වී ඇති බවත් , එය තව මද වේලාවකින් නිවැරැදි වන බවත් ඔහු ප්‍රකාශ කරන බවට කරුණු අනාවරණය වී තිබේ . 

  ඒ අතරතුර ඔහු එම ජංගම දුරකථනය අලෙවි කර මුදල් ලබා ගැනීම සිදු කරයි .මේ ආකාරයට ඔහු කළ වංචාවන් රාශියක් පිළිබඳව දෙහිවල , පානදුර , ගල්කිස්ස , මිරිහාන සහ කටුනායක ඇතුළු පොලීසි ගනනාවකට පැමිණිලි ලැබී තිබුණි .

ඒ අනුව 2/23 දින අන්තර් ජාලයේ  එවැනි දැන්වීමක් පළකර ඇති කටුනායක ගුවන් තොටුපළ පොලීසිය , මෙම තරුණයා මෙම ජංගම දුරකථනය ලබා ගැනීමට කටුනායක ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් මෙම තරුණයා 2/24 දින සවස කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින්  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ අතර, එහිදී ඔහු ලබන මාර්තු මස 01 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .

 කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් යටතේ උප පොලිස් පරීක්ෂක අලවල , පොලිස් සැරයන් 25410 චන්දන සහ පොලිස් කොස්තාපල් 12881 රත්නායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වංචාව පිළිබඳව සහ ඔහු විසින් සිදු කර ගෙන ඇති බහු විවාහයන් පිළිබඳව චෝදනා පිළිබඳවත් , ඔහුට එරෙහිව පැමිණිලි ලැබී ඇති අනෙකුත් පොලීසි සමග ඒකාබද්ධව පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටිති . 
(under the courtesy of nethgossip.lk news web)

Related posts

පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් 'ලිස්සා ගොස්' දොළොස් දෙනෙකු අනතුරට ලක්වූ හැටි

Shiran Viraj

පට්ටපල් බොරුවක් ගැන ඇමති චම්පික කියයි

Shiran Viraj

ගයන්ත තවත් බලය ඉල්ලා ජනපති ළඟට යයි

Shiran Viraj
Translate »