mediahumanrights.lk
Local NewsNews

විල්පත්තුවේදී හමුදාවේ 08 දෙනෙකු ඝාතනය කළ හිටපු LTTE සාමාජිකයින් දෙදෙනාට වසර 25ක සිර දඩුවම්

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී හමුදා සාමාජිකයින් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් දෙදෙනෙකුට වසර 25 බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර තිබෙනවා. ඒ, උතුරුමැද පළාත්බද මහාධිකරණය විසින්. 

නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව ගොනු කර තිබූ අධි චෝදනා 09න් 5කට විත්තිකරුවන් දෙදෙනා වරද පිළිගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ආරක්ෂක තත්වය සොයා බැලීමට යමින් සිටි ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකව සිටි කර්නල් ජයන්ත සුරවීර ඇතුළු 08 දෙනෙකු මෙලෙස ඝාතනය කර තිබුණේ 2007 වසරේ මාර්තු 09 වනදායි. 

Related posts

මුල්මාස තුනේදී යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ වාහන තිස්හත්දහස් හාරසිය හැටතුනක් (37,463ක්) වන ලියාපදිංචි කිරීම් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.

Shiran Viraj

රටට අවශ්‍ය අමාත්‍යංශ නිර්මාණය කරනවා.. නියෝජ්‍ය ඇමතිලා 25 පනීවි..

Shiran Viraj

බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කුසල් එළියට

Shiran Viraj
Translate »