mediahumanrights.lk
NewsPolitical

එජාප නායකයින් හදීසි රැස්වීමක

එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රාජිත සේනාරත්න, පා්‍යලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පී දිගම්බරන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සහ ඉදිරියේදී ක‍්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ හලාවත මුන්නේෂ්වරම් දේවස්ථානයේ පිහිටි දේව කන්නලව්වට එක්වෙමින්.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හමුවීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග අනාවරණ කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…

Shiran Viraj

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු මිත්‍රත්වය ගොඩනංවා ගන්නා හැටි අගමැති පහදයි

Shiran Viraj

හිටපු ඇමතිලා හතරක් හතරවෙනි තට්ටුවට ගෙන යයි.. හිටපු ජනපතිත් මග එනවා..

Shiran Viraj
Translate »