26.2 C
Colombo
2026-10-30
mediahumanrights.lk
Local NewsNewsWeatherWeather News

දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය කැළඹිලි තත්ත්වයක්: නාවික සහ ධීවර ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස්

දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් (low-level atmospheric disturbance) වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ (29) පෙරුම්වරු 9.30ට නිකුත් කරන ලද අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන අතර, මෙම පද්ධතිය වර්ධනය වීමත් සමඟ අදාළ මුහුදු ප්‍රදේශවල නිරත වන නාවික සහ ධීවර ප්‍රජාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ අනාවැකි, යාවත්කාලීන කිරීම් සහ නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත් උපදෙස් දී ඇත.

Related posts

මැණික් වෙන්දේසියක දී මැණිකක් ලෝක වාර්තාවක් පිහිටුවයි

Shiran Viraj

උතුරු මුහුදේ ධීවර ගැටුම් දරුණු වේ.. ඉන්දීය යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්….

Shiran Viraj

ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..

Shiran Viraj
Translate »