27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

පොහොර නෑ.. සාගතයක් එනවා.. බඩගින්නෙ මැරෙන්නැයි වෙන්නේ…

කීඩෑ උවදුර මඩින්න කෘෂි රසායන නැති නිසා කැරූණෑගල ගොවියෝ කඹුරු ගිණි තියනවා. රටට කුඩු – කහ ඇදපු බෝට්ටු වලින් දැන් මහ කන්නයට වල් නාශක – කෘමි නාශක අදිනවා. 1977 හඳුන්වා දුන් විවෘත ආර්ථිකය ඉවරයි. දැන් තියෙන්නේ බෝට්ටුවෙන් පාලනයවන කළු කඩ ආර්ථිකයක් යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසයි.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පැවසුවේ,

‘දැන් කෘමි නාශක නැතිව කුරුණෑගල බෝල් වී පඳුරු අස්වැන්නක් ලැබෙමින් තියෙනවා. දිලීර නාශක නැතිව නුවරඑළිය, මාතලේ තේ දළු අස්වැන්න අඩුවෙලා තියෙනවා. මහ කන්නයේ මහ වැස්සට දිලීර නාශක නැති වුනොත් එළවළු – මල් වගාව විනාශ වෙනවා. අස්වැන්න අඩු වෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා දිලීර – කෘමි නාශක බෙදා හැරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා. මි.ලි. 50 ක කෘමි නාශකයක්, ගෑරූම් 400 ක දිලීර නාශකයක් ගන්න ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොලීමේ ඉන්න කොට කෘමියෝ – දිලීර වගාව විනාශ කරලා ඉවරයි. දීලිර – කෘමියෝ එන්නේ ‘ඉන්විටේෂන් දීලා නෙවෙයි’. කෘමියෝ ආවම දවසෙන් දෙකෙන් වගාව ඉවරයි. සේනා දළඹුවා කුඩිත්තාට දවසකින් දෙකකින් කෘමි නාශක ගහන්න ඔ්නි.

පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පත්‍රිකාව අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂි රසායන ආනයනයේ ඒකාධිකාරය තනි සමාගමකට දෙන්න හදනවා. සීනී ආනයනයේ යෙදුණු සමාගම් 67 ක් වෙනුවට සමාගම් 12 කට බලපත්‍ර දීමේ ප්‍රතිඑල අද අපි දකිනවා. මේ යොජනාවෙන් කෘෂිරසායන ආනයනයේ 87% ක ඒකාධිකාරයක් තනි සමාගමකට ලැබෙනවා. අපිට කියන්න තියෙන්නේ ‘’1977 විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසුව, ලංකාවේ පළමු වරට කෘෂි රසායන ආනයනයක් ඇති කරාම ‘බෝට්ටු කෘෂි රසායන‘ සහ ‘කළු කඩ කෘෂි රසායන වෙළෙඳාමක්’ ඇති කරන්න ආණ්ඩුව කටයුතු කරනවා.

කෘෂි රසායන නැතිව වාණිජ්‍ය කෘෂිකර්මාන්තය කරන්න බැරි බව කෘෂි විද්‍යා පීඨයක පිඨාධිපතිවරයා වෙච්ච අමාත්‍යාංශ ලේකම්ට නොතේරීම පුදුමයක්.

මහ කන්නයට කෘෂි රසායනය ගේනවාද? නැද්ද? කියලා ආණ්ඩුව ගොවියාට හරි උත්තරයක් දිය යුතුයි. ලංකාව සාගත දර්ශකයේ ඉහළට එනවා. ආහාර සුරක්ෂිතභාවය අනුව ලංකාව 66 වන ස්ථානයේ හිටියේ. දැන් ඒ්ක වේගයෙන් පහලට යනවා. අවසානයේ මේ රටට සාගතයක් ඇවිල්ලා කෝවිඩ් වලට වැඩි විනාශයක් වෙනවා. බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ.

මාසයක් වතුර බැඳහා හී දෙකක් හාලා වල් මර්ධනය කරන්න කියලා ආණ්ඩුව කියනවා. වී වගාවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි වතුර නැතිකම. කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ්ක දන්නේ නෑ. ලග්ගල වතුරට යටකරලා මොරගහකන්ද හැදුවේ වී වගාවට වතුර නැති නිසායි. මහ කන්නයේ කුඹුරු වතුර නැතිව අතහැරෙනවා. ඒහෙම තියෙද්දී වැඩිපුර දවස් 30 ක් වතුර දෙනවා කියන්නේ පට්ටපල් බොරුවක් යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය.

Related posts

චීනය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ‘කෘතිම හිරු’ බලගන්වයි.

Shiran Viraj

Unity Plaza තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් කෙරේ…

Shiran Viraj

කොරෝනා රෝගියෙක් කොළඹ පුරා ඇවිදලා.. කොළඹ අවදානමේ..

Shiran Viraj
Translate »