28 C
Colombo
2026-10-22
mediahumanrights.lk
Local NewsNews

සිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්‍රධාන දමිළ පාසලක විදුහල්පති රිමාන්ඩ්

පාසල් සිසුවෙකුට නිල නිවසේදී පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන්, නෝර්වුඩ් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක විදුහල්පතිවරයා මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා පසුවදා (20) නියෝග කළේය.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන අදාළ පාසලේ 8 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට මෙම විදුහල්පතිවරයා, ඔහුගේ බිරිඳ සහ තවත් පිරිසක් එක්ව පහර දී තිබේ. පහරදීමෙන් තුවාල ලැබූ සිසුවාගේ දෙමාපියන් ඔහුව දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නෝර්වුඩ් පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර, නෝර්වුඩ් පොලිසිය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අදාළ සිද්ධියේ සැකකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කර තිබූ නොතිසිවලට අනුව විදුහල්පතිවරයා පමණක් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Related posts

පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

Shiran Viraj

රණවිරුවන්ට දඩුවම් දෙන්න කිසිඳු අවස්ථාවක ඉඩ දෙන්නේ නෑ

Shiran Viraj

‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි..

Shiran Viraj
Translate »