30.6 C
Colombo
2026-09-01
mediahumanrights.lk
BusinessBusiness NewsNews

රුපියල ශක්තිමත් වුවද ජීවන වියදම අඩු වී නැති බවත් කුඩා ව්‍යාපාරිකයන් කඩා වැටී ඇති බවත් රවී කරුණානායක පවසයි

වත්මන් ආර්ථික කළමනාකරණය හමුවේ මෙරට කුඩා ව්‍යාපාරිකයන් විශාල පිරිසක් දැඩි ලෙස කඩා වැටී ඇති බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මහ බැංකු අධිපතිවරයා පවසන පරිදි රුපියල ශක්තිමත් වී ඇති බව පෙනෙන්නට තිබුණද, සාමාන්‍ය ජනතාවට දැනෙන ජීවන වියදම තවමත් අඩු වී නොමැති බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ 2028 වන විට ශ්‍රී ලංකාව නැවත ණය ගෙවීම ආරම්භ කළ යුතු වුවද, ඒ සඳහා අවශ්‍ය අපනයන ආදායම වර්ධනය කිරීමට රජය මෙතෙක් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බව ඔහු විවේචනය කළේය. මේ හේතුවෙන් මහ බැංකුවේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව බරපතල සැකයක් පවතින බව ද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..

Shiran Viraj

සමස්ත ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා

Shiran Viraj

වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

Shiran Viraj
Translate »