28.7 C
Colombo
2026-10-28
mediahumanrights.lk
NewsPolitical

වර්තමාන රජය පහසුවෙන් බිඳ නොවැටෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

ආණ්ඩුව අද හෙට වැටෙනු ඇතැයි විපක්ෂය විවිධ ප්‍රකාශ සිදු කළද, වත්මන් රජය එලෙස පහසුවෙන් බිඳ නොවැටෙනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. උත්සව සභාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 159කගේ අතිවිශාල බහුතර බලයක් සහිත ආණ්ඩුවක් බිඳ දැමීම සරල කාරණයක් නොවන බවයි.

විපක්ෂය මෙවැනි ප්‍රකාශ කිරීම දේශපාලන ස්වභාවය වුවද, 159ක මන්ත්‍රී බලයක් පවතින රජයක් “ගහක ගෙඩි වට්ටන ආකාරයට” ලෙහෙසියෙන් කඩා වැටෙන්නේ නැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. වත්මන් දේශපාලන වාතාවරණය තුළ ආණ්ඩුවේ ස්ථාවරභාවය පිළිබඳව විශ්වාසය පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…

Shiran Viraj

‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..

Shiran Viraj

ඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Shiran Viraj
Translate »