2026-09-02
mediahumanrights.lk
NewsPolitical

වර්තමාන රජය පහසුවෙන් බිඳ නොවැටෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

ආණ්ඩුව අද හෙට වැටෙනු ඇතැයි විපක්ෂය විවිධ ප්‍රකාශ සිදු කළද, වත්මන් රජය එලෙස පහසුවෙන් බිඳ නොවැටෙනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. උත්සව සභාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 159කගේ අතිවිශාල බහුතර බලයක් සහිත ආණ්ඩුවක් බිඳ දැමීම සරල කාරණයක් නොවන බවයි.

විපක්ෂය මෙවැනි ප්‍රකාශ කිරීම දේශපාලන ස්වභාවය වුවද, 159ක මන්ත්‍රී බලයක් පවතින රජයක් “ගහක ගෙඩි වට්ටන ආකාරයට” ලෙහෙසියෙන් කඩා වැටෙන්නේ නැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. වත්මන් දේශපාලන වාතාවරණය තුළ ආණ්ඩුවේ ස්ථාවරභාවය පිළිබඳව විශ්වාසය පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. මේ ජාතික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් නොවේ…

Shiran Viraj

රජයේ ගුරුවරුන් තම පන්තියේ සිසුනට ටියුෂන් දීමට තහනමක් නෑ..- අධ්‍යාපන නි. ඇමති

Shiran Viraj

නව කතානායක ගලප්පත්ති…

Shiran Viraj
Translate »