25 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNewsPolitical

යෝජිත ගෙවල්කුළි පනතින් නීතිය විකෘති වන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් අනතුරු ඇඟවීමක්

යෝජිත ගෙවල්කුළි පනත ඒ ආකාරයෙන්ම සම්මත කළහොත් රටේ නීතිය මුළුමනින්ම විකෘති වී, නීතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය බිඳ වැටෙනු ඇති බව හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අනතුරු අඟවයි. මෙම පනත මගින් යම් දේපළක පුද්ගලයෙකු නීති විරෝධීව පදිංචිව සිටියද, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බවත්, ඒ හේතුවෙන් දේපළෙහි සැබෑ හිමිකරුට කිසිදු සාධාරණයක් ඉටු නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

මෙය විශාල නීතිමය විකෘතියක් බව පවසන විජේදාස රාජපක්ෂ මහතා, මෙමගින් ජනතාව කබලෙන් ළිපට වැටෙන තත්ත්වයක් උදාවන බව ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම නිවාස හිමියන්ට තම දේපළවල පදිංචිකරුවන් නීත්‍යානුකූලව පවා ඉවත් කර ගැනීමට නොහැකි බරපතළ වාතාවරණයක් මෙම පනත හරහා නිර්මාණය වන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. දේපළ අයිතිය සම්බන්ධයෙන් පවතින මූලික නීතිමය මූලධර්ම මෙමගින් අභියෝගයට ලක් වන බව ඔහුගේ අදහසයි.

Related posts

ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම විශාල ලෙස ඉහලට.. කටුනායක පිටවිමේ පර්යන්තයේ දැඩි තදබද…

Shiran Viraj

අම්මා නැති වෙලාවේ කට ගොන්නක් බී ගෙට පැන දැරිය දූෂණය කරද්දී මාමාගේ අතටම අහුවෙයි

Shiran Viraj

බිත්තර විදේශයන්ගෙන් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ…

Shiran Viraj
Translate »