27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

බගවන්තලාව පොයිස්ටන් වතු කම්කරුවන් රු. 1750 වැටුප ලැබීම කිරිබත් උයා සමරයි

බගවන්තලාව, පොයිස්ටන් වතුයායේ වතු කම්කරු ජනතාවට රුපියල් 1750 දෛනික වැටුප අද (10) සිය වැටුප් පත්‍රිකාවට හිමි වීමත් සමඟ එම ජනතාව මහත් සතුටට පත්ව සිටිති. වතු සමාගමෙන් හිමිවන රුපියල් 1550 ක මුදල සහ රජය මගින් ලබා දෙන රුපියල් 200 ක පැමිණීමේ දීමනාව සමඟ මෙම සම්පූර්ණ වැටුප ඔවුන්ට හිමිව තිබේ.

මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම වෙනුවෙන් වතු ජනතාව කිරිබත් උයා රතිඤ්ඤා දල්වමින් ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජයට සිය ප්‍රණාමය පුද කිරීමට කටයුතු කළහ. වතු කම්කරුවන් පවසන්නේ මෙතෙක් කල් දේශපාලන පොරොන්දුවලට පමණක් සීමා වී තිබූ මෙම වැටුප් වැඩිවීම, කිසිදු පමාවකින් තොරව ප්‍රායෝගිකව ලබා දීමට රජය කටයුතු කිරීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි.

මුලාවට පත් කරන මැතිවරණ පොරොන්දු වෙනුවට දුන් පොරොන්දු එලෙසම ඉටු කිරීමට වත්මන් පාලනය පියවර ගෙන ඇති බවත්, එය තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට විශාල අස්වැසිල්ලක් වන බවත් වතු කම්කරු ජනතාව වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියහ.

Related posts

සෑම ඩෙංගු රෝගීන් තිදෙනෙකු අතරම දරුවෙක්

Shiran Viraj

එදා රේඩියෝ ටීවී නෑ.. ගැමියෝ ජන ගී කියමින් වන්දනාවේ ගියා..

Shiran Viraj

ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළට

Shiran Viraj
Translate »