28.9 C
Colombo
2026-08-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

කවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට හැදෙන බව දැන් පෙනෙන්නට ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

කවුරු බලයට පත් වුවද ගොඩනැඟිය නොහැකි රටක් ලෙස මෙරට පිළිබඳව පැවති අසුබවාදී ආකල්ප වෙනස් කරමින්, වත්මන් ආණ්ඩුව යටතේ වසරක් ඇතුළත රට ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බව වතු යටිතල පහසුකම් සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ මේ වන විට පාලනයේ යහපත් ප්‍රතිඵල “දලු දමමින් සහ මල් පිපෙමින්” ඇති බව ජනතාවට දැකගත හැකි විය යුතු බවයි.

පසුගිය කාලසීමාවේ රට පත්ව තිබූ ආර්ථික හා සමාජීය අගාධයෙන් ගොඩගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග දැන් සාර්ථක වෙමින් පවතින බවත්, එම වෙනස පිළිබඳව සැක සිතූ පිරිස්වලට පවා දැන් එය තේරුම් ගත හැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව විශ්වාසය තබමින් රට ගොඩනැඟීමේ කටයුතුවලට සහය වන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Related posts

ප්‍රබල පාතාලයන් හතරක් පිටරටදී අල්ලයි..

Shiran Viraj

නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කරනවා

Shiran Viraj

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි

Shiran Viraj
Translate »