26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක මහත්වරුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට තීරණය කෙරේ

බ්‍රිතාන්‍යයේ වුල්ෆ් හැම්ටන් සරසවියේ උත්සවයකට සහභාගී වීම සඳහා ගිය පෞද්ගලික සංචාරයකදී රජයට රුපියල් ලක්ෂ 166කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් සිදුකළ විමර්ශන වාර්තා පාදක කරගනිමින් මෙම නඩු පැවරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම නඩුවේ පවතින විශේෂ ස්වභාවය සලකා බලා එය විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවයි. ලබන අප්‍රේල් 29 වැනිදාට පෙර අදාළ අධිචෝදනා ගොනු කර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙහිදී නියෝග කළේය.

නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඔහුගේ අත්අකුරු පරීක්ෂාවක් සිදුකිරීම සඳහා රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය. මේ අතර, පළමු සැකකරු වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ මඬුල්ල විසින් සකස් කරන ලද ලිඛිත කරුණු දැක්වීම් දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්වාධීන විමර්ශනයක්

Shiran Viraj

නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමති

Shiran Viraj

නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාර

Shiran Viraj
Translate »