mediahumanrights.lk
Local NewsNews

රජය පාසල් 3000ක් විකුණා දැමීමට සූදානම් වන බවට ජාතික ගුරු ව්‍යාපාරයෙන් චෝදනාවක්

රටේ පවතින පාසල් පද්ධතියේ පාසල් 3,000කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට සහ විදේශීය ආයතන වෙත විකුණා දැමීමේ සූදානමක් පවතින බව ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සදුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විෂය නිර්දේශයන්හි සිදු කෙරෙන වෙනස්කම් පිළිබඳව රජය සමාජය තුළ විවෘත සාකච්ඡා පවත්වන අතරතුර, ඊට මුවා වී යටින් පටු අරමුණු ඉටු කරගැනීමට උත්සාහ කරන බව ඔහු පෙන්වා දෙයි.

පාසල් පද්ධතිය මෙලෙස පෞද්ගලීකරණය කිරීමට රජය ගන්නා උත්සාහය පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත්, මෙම සැඟවුණු ක්‍රියාවලිය පිළිබඳව මහජනතාව විමසිලිමත් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. රජය විසින් 6 ශ්‍රේණිය මොඩියුලය වැනි නව ප්‍රතිසංස්කරණ 2027 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පසුබිමක, ගුරු ව්‍යාපාරය විසින් එල්ල කරන මෙම චෝදනාව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

Related posts

ඝාතනය වූ සමන් පෙරේරාගේ නිවස පොලිස් පරීක්‍ෂාවට…

Shiran Viraj

මොරටුව සිසු ගැටුමෙන් 6ට තුවාල 10ක් අත්අඩංගුවට

Shiran Viraj

බිම් මට්ටමේ ගැටුම් පාලනයට වැඩපිළිවෙළක්…

Shiran Viraj
Translate »