27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

ලංගම සේවකයන්ට බෝනස් සහ දීමනා ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට පියවර

ලාභ ලබන දිවයිනේ සියලුම ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස් මුදලක් ලබා දීමටත්, පාඩු ලබන ඩිපෝවල සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දීමටත් අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය නාවලපිටිය ලංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

රජයෙන් ලබා දීමට පොරොන්දු වූ බෝනස් මුදල මෙතෙක් තමන්ට නොලැබුණු බවට නාවලපිටිය ඩිපෝ සේවකයන් කළ පෙන්වා දීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. නාවලපිටිය ඩිපෝවේ පවතින අඩුපාඩුකම් සපුරාලීමට කටයුතු කරන බවත්, එම පහසුකම් ලබා දුන් පසු ඩිපෝවේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට සේවකයන් කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

Related posts

මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි..

Shiran Viraj

ඩෙංගු මර්දනයේ වගකීම ඍජුවම පළාත් සභා සතුයි

Shiran Viraj

අගමැති වියට්නාම නිල සංචාරය අරඹයි

Shiran Viraj
Translate »