26.1 C
Colombo
2026-09-28
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

ජනවාරි මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය මෙම සතියේදී

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස්වීම්වලට සාපේක්ෂව මෙරට ජනවාරි මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය මෙම සතිය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. සාමාන්‍යයෙන් සෑම මසකම අවසාන දිනයේදී මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය ප්‍රකාශයට පත් කළද, මෙවර එම ක්‍රියාවලිය දින කිහිපයකින් ප්‍රමාද වී තිබේ.

පසුගිය මාසය පුරා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබුණු බැවින්, එම වාසිය මෙරට පාරිභෝගිකයන්ට ලබා දීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විෂයභාර අමාත්‍යාංශය මේ වන විට මිල සූත්‍රයට අනුව අදාළ ගණනය කිරීම් සිදු කරමින් පවතින අතර, ඉදිරි දින කිහිපය තුළ නව මිල ගණන් නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය.

Related posts

රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..

Shiran Viraj

වැලිසර නාවික කඳවුරේ භට පිරිස් මාරු කිරීම ඇරඹේ : නව සෙබළුන් කඳවුරට

Shiran Viraj

තවත් බදු කිහිපයක් අඩු වන ලකුණු

Shiran Viraj
Translate »