mediahumanrights.lk
Local NewsNewsPolitical

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල සීල් තැබීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලයේ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, අදාළ ප්‍රශ්නගත කරුණු පිළිබඳව දැනගත් වහාම සියලුම මොඩියුල කට්ටල සීල් තැබීමට කටයුතු කළ බවයි. මේ හේතුවෙන් එම දෝෂ සහිත උපකරණ කිසිවක් දරුවන් අතට පත්වීමේ හැකියාවක් නොමැති බව ඇය සහතික කළාය.

මෙම සිදුවීම පිළිබඳව විධිමත් විමර්ශනයක් පැවැත්වීම සඳහා මේ වන විටත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, එහි වාර්තාව මගින් වරදකරුවන් කවුදැයි නිශ්චිතවම හඳුනාගත හැකි වනු ඇතැයි ඇය විශ්වාසය පළ කළාය. අදාළ ප්‍රශ්නගත මොඩියුලය භාවිත කරමින් ගුරුවරුන් සඳහා දින කිහිපයක් පුහුණු වැඩසටහන් පවත්වා තිබුණද, එම කිසිදු අවස්ථාවකදී මෙම බරපතල දෝෂය අනාවරණය නොවීම පිළිබඳව ද තමන් පුදුමයට පත්වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.

අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ මෙම අත්වැරැද්ද නිවැරදි කර කඩිනමින් නව මොඩියුල දරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා බවයි. පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහ අධ්‍යාපන ප්‍රමිතිය සම්බන්ධයෙන් රජය උපරිම වගකීමෙන් කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය.

Related posts

නව සන්ධානයේ මංගල රැලිය කැදවයි.. ප‍්‍රබලයන් වේදිකාවට…

Shiran Viraj

"මෙතෙක් නොගත් දැඩි තීරණයක් අද ගන්නවා" -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

Shiran Viraj

සුමන්තිරන් පළාත් සභා ජන්දයට ඉදිරිපත්විය යුතුයි

Shiran Viraj
Translate »