28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

පාසල් විෂය නිර්දේශයට විකෘති ලිංගික ක්‍රියා ඇතුළත් කිරීම නිරාගමික රාජ්‍යයක් බිහි කිරීමේ කුමන්ත්‍රණයක් බව මිහින්තලා හිමියෝ පවසති

ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණින් වත්මන් රජය පාසල් විෂය නිර්දේශයන්ට විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇති බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ චෝදනා කරති. මහා සංඝරත්නය මීට වසරකට පෙර සිටම මේ පිළිබඳව අනතුරු ඇඟවූ බවත්, අද වන විට එම අනාවැකි සනාථ වී ඇති බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

විශේෂයෙන්ම හය වසර පෙළපොත් හරහා දරුවන්ට මෙවැනි කරුණු ඉදිරිපත් කිරීම බරපතල තත්ත්වයක් බවත්, මෙය රටේ දරුවන්ට අහිතකර ලෙස බලපාන අකටයුත්තක් බවත් උන්වහන්සේ අවධාරණය කළහ. ඕනෑම පුද්ගලයෙකුගේ පෞද්ගලික අයිතිවාසිකම්වලට තමන් වහන්සේ ගරු කළද, ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ නෛතික බලයක් ලබා දී ඒවා පාසල් විෂය නිර්දේශයට බලහත්කාරයෙන් ඇතුළත් කිරීම පිළිගත නොහැකි බව ධම්මරතන හිමියෝ සඳහන් කළහ. අතීතයේ පැවති “සෞඛ්‍ය විද්‍යාව” විෂය තුළ අවශ්‍ය සියලු කරුණු විධිමත්ව තිබූ බවත්, වර්තමානයේ මෙය විකෘතියක් දක්වා ගෙන ගොස් ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

පෙළපොතක් මුද්‍රණය කිරීමට පෙර එය මණ්ඩල නවයකින් පමණ පරීක්ෂා කර, විද්වතුන් රැසකගේ සෝදුපත් බැලීම්වලට ලක්වන බැවින් මෙය අත්වැරදීමකින් සිදු වූවක් බවට රජය පවසන ප්‍රකාශ උන්වහන්සේ ප්‍රතික්ෂේප කරති. මෙය රජයේ මුදල් කෝටි ගණනක් වැය කරමින් දැනුවත්ව සිදුකළ ක්‍රියාවක් බව පෙන්වා දුන් උන්වහන්සේ, අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු බලධාරීන් වගකීමෙන් මගහැරීමට උත්සාහ නොකළ යුතු බවද ප්‍රකාශ කළහ. රටේ අනාගතය සහ දරුවන් වෙනුවෙන් සියලු දෙනා අවදි විය යුතු කාලය එළඹ ඇති බවත්, මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

අතරමැදි ක්‍රියාකාරිත්වය හේතුවෙන් වෙළෙඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළට

Shiran Viraj

සිපෙට්කෝ ඩීසල් තොග අවසන්.. අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි..

Shiran Viraj

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj
Translate »