27.2 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNewsPolitical

හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය සැරසෙයි – මන්ත්‍රී ශානකියන්ගෙන් විවේචනයක්

හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇති අතර, මේ මොහොතේ රටට හදිසි නීතියක් අවශ්‍ය වන්නේ මන්දැයි නිශ්චිතව හෙළි කිරීමට ආණ්ඩුව මැළිකමක් දක්වන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා පවසයි. ජනවාරි 6 වන දා සිට නැවතත් හදිසි නීතිය දීර්ඝ කිරීමට රජය සූදානම් වුවද, ඊට පාර්ලිමේන්තුවේදී ලබාදුන් හේතු සාධාරණ නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

හදිසි නීතියේ අවශ්‍යතාව පිළිබඳව විමසූ අවස්ථාවේදී, සභානායක බිමල් රත්නායක මහතා පවසා ඇත්තේ ගාල්ල නගර සභාවේ සිදුවීම සහ මීමුරේ ගමට යාමට පාරක් නොමැති වීම වැනි ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමට මෙය අවශ්‍ය බවයි. කෙසේ වෙතත්, හදිසි නීතිය මගින් අනෙකුත් සියලු නීති අභිභවා යමින් ජනාධිපතිවරයාගේ වචනය නීතිය බවට පත් වන බවත්, එමගින් විධායකයට අසීමිත බලයක් හිමිවන බවත් රාසමානික්කම් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

පසුගිය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 28 දක්වා ද හදිසි නීතිය ක්‍රියාත්මක වූ අතර, ජනවාරි 6 සිට එය නැවත බලාත්මක කිරීමට ආණ්ඩුව ගත් තීරණය පිළිබඳව විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා තිබේ. මූලිකව ඊට විරෝධය පළ වුවද, පසුව විපක්ෂයේ ඉල්ලීම මත ඒ සඳහා පැයක කාලයක් ලබාදීමට රජය එකඟ වී ඇත.

Related posts

ගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්ද

Shiran Viraj

කවුරු කිව්වත් පොලිස්පති නොකරන වැඩේ

Shiran Viraj

අඩි 5000ට වඩා උස භූමියේ ගොවිතැනේ ප්‍රතිඵලය අද භුක්ති විඳිනවා – රෝහණ විජේවීර 1970 දී දුටු අනතුර ගැන මන්ත්‍රී නිමල් පලිහේන කියයි

Shiran Viraj
Translate »