28.4 C
Colombo
2026-09-15
mediahumanrights.lk
International NewsNews

වෙනිසියුලානු ජනාධිපති මදුරෝ ඇමෙරිකානු ආරක්ෂක අංශ භාරයට

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වෙනිසියුලාවේ ස්ථාන රැසකට එල්ල වූ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකින් අනතුරුව ඔවුන් දෙදෙනා එරටින් පිටතට ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වෙනිසියුලානු උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් රජයේ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ දැනට සිටින ස්ථානයක් පිළිබඳව තම රජය නොදන්නා බවත්, ඔවුන් ජීවත්ව සිටින බවට සාක්ෂි වහාම ඉදිරිපත් කරන ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින බවත්ය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ තහවුරු කර ඇත්තේ නිකොලස් මදුරෝ මේ වන විට ඇමෙරිකාවට ගෙන යන බවත්, එහිදී ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බවත්ය. මදුරෝ ඇමෙරිකානු භාරයේ පසුවන බැවින් වෙනිසියුලාව තුළ තවදුරටත් හමුදා මෙහෙයුම් අවශ්‍ය නොවනු ඇති බව ද ඔහු පවසා ඇත. ඇමෙරිකාව මදුරෝගේ රජය නීත්‍යනුකූල රජයක් ලෙස පිළි නොගන්නා අතර, ඔහු මත්ද්‍රව්‍ය හා ත්‍රස්තවාදී කල්ලියක ප්‍රධානියෙකු ලෙස මීට පෙර ද හඳුන්වා දී තිබුණි.

මෙම සිදුවීමත් සමඟ වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍යවරයා විසින් එරට සියලුම ගොඩබිම, ගුවන්, නාවික සහ මිසයිල බලකායන් වහාම රට පුරා යොදවන ලෙස හදිසි නියෝගයක් නිකුත් කර ඇත. මෙම අත්අඩංගුවට ගැනීමට පෙර ඇමෙරිකාව වෙනිසියුලාවේ ප්‍රාන්ත කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා එල්ල වූ අතර, මදුරෝගේ රජය එම ආක්‍රමණය ප්‍රතික්ෂේප කරමින් රට තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි. පසුගිය මාස කිහිපය පුරා දෙරට අතර පැවති දැඩි නොසන්සුන්කාරී තත්ත්වය සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මෙම තත්ත්වයට මූලික වශයෙන් බලපා ඇත.

Related posts

චීන ආරක්ෂක ඇමති දිවයිනට ඇවිත්

Shiran Viraj

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු.. බදු අනුකූලතාවය වැඩි කරනු.. විදුලිය මිලකරණය නැවත පිහිටුවනු..- IMF

Shiran Viraj

රුපියල් 60ට ලොරිවලින් පොල් දෙයි

Shiran Viraj
Translate »