27.8 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNews

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වඩාත් සුදුසු මැතිවරණ ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනා වී තිබේ. මෙම කාරක සභාව කථානායකවරයා විසින් නම් කරනු ලබන සභාපතිවරයෙකුගෙන් සහ තවත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත වීමට නියමිතය. ඕනෑම පුද්ගලයෙකු සාක්ෂි සඳහා කැඳවීමටත්, අවශ්‍ය ලේඛන ගෙන්වා ගැනීමටත් මෙන්ම අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ සහාය ලබා ගැනීමටත් මෙම කාරක සභාවට පූර්ණ බලය පවරා ඇත. විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තුව වාරාවසාන කර ඇති කාලසීමාවක වුවද මෙහි කටයුතු පවත්වාගෙන යාමට අවසර හිමි වීමයි.

මෙම කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීමේ සිට මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ද කොන්දේසි පනවා ඇත. වර්තමානයේ සියලුම පළාත් සභා මහජන නියෝජිතයන්ගෙන් තොරව පවතින්නේ 2017 වසරේ හඳුන්වා දුන් මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයට අදාළ කොට්ඨාස සීමා නිර්ණය මෙතෙක් අවසන් කර නොමැති බැවිනි. මීට පෙර 2022 වසරේදී පත් කරන ලද සාමාජිකයන් 17 දෙනෙකුගෙන් යුත් කාරක සභාව සීමා නිර්ණය අවසන් වන තෙක් පැරණි සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට නිර්දේශ කර තිබුණද, එම වාර්තාවට අත්සන් තබා තිබුණේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු පමණක් වීම විශේෂත්වයකි.

Related posts

ලක්‍ෂ 50කට විදුලි රතු බිල්.. මුළු පාරිභෝගික ගණන ලක්‍ෂ 70යි..

Shiran Viraj

JR ගෙන් පසුව ඉදිරිපත් කළ හොඳම අයවැයක්

Shiran Viraj

චීනයේ ඉහලම ධනවතුන් පිරිසක් ලංකාවට… ආයෝජනයට තැන් සොයයි…

Shiran Viraj
Translate »