24.5 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

අම්බලන්තොටදී පොලිස් සංඥා නොතකා ධාවනය වූ මෝටර් රථයක ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු මියයයි

2026 ජනවාරි 01 වනදා අලුයම් කාලයේ අම්බලන්තොට ගිරිහඩු විහාරස්ථානය අසල රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් අනතුරට ලක්ව තිබේ. තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් නැවැත්වීමට පොලිසිය සංඥා කළ අවස්ථාවේදී, එය නොතකා ධාවනය වූ රථය නිලධාරීන්ගේ ගැටී පළාගොස් ඇත.

මෙම අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක භටයෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරු කර යැවූ පොලිස් කොස්තාපල්වරයා එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචි, අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 43 හැවිරිදි නිලධාරියෙකි.

අනතුර සිදුකළ මෝටර් රථය සහ එහි ගමන් කළ එක් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, රථයේ රියදුරු මේ වන විට පළාගොස් ඇත. පළාගිය රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

විදුලි මහා අවුලක.. කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි…

Shiran Viraj

අපේ ජන බල පක්ෂයේ හිමිවරුන්ගේ ගැටුම උග්‍රයි – ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් රතන හිමි උසාවි යද්දි වේදනිගම හිමිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්

Shiran Viraj

යුරෝපය තුල කොරෝනා ව්‍යාප්තිය ඉහලට : බ්‍රිතාන්‍යයේ මිලියන 09ක ජනතාවකට දැඩි නීති පැනවෙයි

Shiran Viraj
Translate »