mediahumanrights.lk
NewsPolitical

නජීබ් රසාක් අගමැති මුණ ගැසෙයි

මලයාසියානු අග්‍රමාත්‍ය නජීබ් රසාක් මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (19) දහවල් පැවැත්වුණි.
අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවති බව  අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
මෙහිදී දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් අග්‍රමාත්‍යවරු දෙපළ සාකච්ඡා පැවැත්වූ බවද අග්‍රමාත්‍ය කාර්යාලය පවසා සිටියි.
තෙදින නිල සංචාරයක් සඳහා මලයාසියානු අග්‍රමාත්‍ය නජීබ් රසාක් මහතාපසුගිය 17 වනදා දිවයිනට පැමිණියේය.
මෙම සංචාරය තුළදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වූ අතර එහිදී අවබෝධතා ගිවිසුම් 03 කටද අත්සන් තැබීය.
මීට අමතරව මෙරට ආයෝජකයින් සහ ව්‍යපාරිකයින් ද මුණ ගැසුණු මලයාසියානු අග්‍රමාත්‍යවරයා මලයාසියාවේ සහ ශ්‍රී  ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 60 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයකටද එක් වුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ග්‍රාම සේවක පාර වසා වී වෙළයි.. ගමනාගමන නවතී..

Shiran Viraj

කෝටි 50ක් ඉල්ලා විජේදාසගෙන් එන්තරවාසියක්…

Shiran Viraj

වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..

Shiran Viraj
Translate »