25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවයේ සිදුවීම ගැන විමර්ශනයක්

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා පැවැත් වූ වර්ණ ප්‍රදානෝත්සවයකදී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමුව තිබේ. අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කර සිටින්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.

අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, සිද්ධියට අදාළ ඉදිරි උපදෙස් ලබා දීම සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මෙම උත්සවයේදී සම්මාන ප්‍රදානය කිරීමේ පටිපාටිය හෝ සංවිධාන කටයුතුවලදී යම් අක්‍රමිකතාවක් හෝ නුසුදුසු සිදුවීමක් වූයේද යන්න පිළිබඳව මෙහිදී සොයා බැලීමට නියමිතය.

Related posts

අගමැති එජාපයේ මන්ත්‍රීන් හදිසියේ රැස්කරයි – එජාප මන්ත්‍රීන්ගෙන් අගමැතිට විශේෂ ඉල්ලීමක්

Shiran Viraj

අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්න

Shiran Viraj

නඩුවට ගෙනා සිරකරු නිලධාරීන්ගෙන් මිදී අධිකරණයේ වහලයටම යයි

Shiran Viraj
Translate »