2026-01-13
mediahumanrights.lk
Local NewsNews

ගංවතුරෙන් මාස් කන්නයේ වී වගාවට දැවැන්ත හානි: අක්කර 274,000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශයි

2025/26 මාස් කන්නයේ වී වගාවෙන් අක්කර දෙලක්ෂ හැත්තෑ හතර දහසකට (274,250) අධික ප්‍රමාණයක් ගංවතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.

දිස්ත්‍රික්ක 22කට බලපෑ මෙම ජල ගැලීම් සහ වැලි ගොඩගැසීම් හේතුවෙන් සමස්තයක් ලෙස අක්කර 403,750ක් අර්ධ වශයෙන් හානියට පත්වී තිබේ.

ප්‍රධාන දිස්ත්‍රික්කවල හානි වූ ප්‍රමාණයන් (අක්කර):

දිස්ත්‍රික්කයසම්පූර්ණ හානියඅර්ධ හානිය
ත්‍රිකුණාමලය15,00018,000
මඩකලපුව15,00025,000
කුරුණෑගල14,00022,000
පොළොන්නරුව13,00022,500
අනුරාධපුරය11,00013,000
උතුර (වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්)12,00024,000

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, බදුල්ල, මොනරාගල, පුත්තලම, ගාල්ල, මාතර, මාතලේ, මහනුවර, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල සහ රත්නපුර වැනි දිස්ත්‍රික්කවල වී වගාවට ද විශාල වශයෙන් හානි සිදුව ඇති බවයි.

Related posts

වයඹ පළාත් හෙද හෙදියන්ගේ විෂමතා මඟ හරින්න නව වැඩ පිළිවෙළක්

Shiran Viraj

දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video]

Shiran Viraj

ආපදා සහනාධාර බත් පාර්සලවල පෞද්ගලික විස්තර මුද්‍රණය කිරීම ගැන චෝදනා

Shiran Viraj
Translate »