mediahumanrights.lk
Local NewsNews

වර්ෂාවට සහ අකුණු ගැසීම්වලට සූදානමින් සිටින්න

දිවයිනේ බස්නාහිර, වයඹ, උතුරු සහ සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද (27) දිනයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට ප.ව. 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව ඇති වන තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා කල්තියා පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

KDU වෛද්‍ය උපාධියට අයදුම්පත් කැදවයි…

Shiran Viraj

කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

Shiran Viraj

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

Shiran Viraj
Translate »